Friday, January 8, 2010

මගේ රට ලංකා’


මගේ රට ලංකා
ඉන්දියන් සාගරයේ මුතු ඇටය’නමින් විරුදාවලිය ලත් මගේ රට ශ්‍රී ලංකාවයි . එය ඉන්දියන් සාගරයේ පිහිටා ඇති අලංකාර රටක් නිසා මේ විරුදාවලිය භාවිත කෙරේ. අප රටට ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. අප ර‍ටේ ජාතික පුෂ්පය වන්නේ නිල් මානෙල් මල වන අතර ජාතික පක්ෂියා වලි කුකුළාය . ජාතික ක්‍රීඩාව ‍ෙවාලිබෝල් වන අතර ජාතික වෘක්ෂය නා ගසයි . අප රටේ ජාතීන් හතරකට අයත් ජන කොට්ඨාශ දැකිය හැක. සිංහල , දෙමළ, මුස්ලිම් ,බර්ගර් යන මේ තීන් හතර ඉතා සමගිව ජීවත් වෙති. මගේ රටේ ස්වාභාවික සම්පත් හා සුන්දර ප‍රිසරය රටේ අලංකාරය පිළිබිඹු කරයි. අප රටේ උසම කන්ද පිදුරුතලාගල වන අතර උසම දිය ඇල්ල බඹරකන්ද දිය ඇල්ලයි . තවත් බොහෝ දිය ඇලි කඳු පන්ති රටේ සුන්දර බව වැඩි කරයි. අපගේ රණවිරැවන් විසින් දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදය නිම කොට සාමය ලබා දී ඇත . ‘දැන් අප සංවර්ධනය කරා පිය නගමු’!